21st September 2024 20:53:35 පැය
20 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 12 දින ඩෝසර් වැව හන්දියේ සිට ගෝතමීගම දක්වා ඇළ සහ මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ අරමුණින් ශ්‍රමදාන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි.
20th September 2024 19:15:48 පැය
කිලිනොච්චිය මහා මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් බරපතළ තුවාල ලද ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට 1 බලකායේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරීතුමන් සිය සහයෝගය දැක්වීය. ඔහු වෙනුවෙන් අවශ්‍ය සහයෝගය දැක්වීමට එම පරිශ්‍රයේ සිටි අනෙක් පුද්ගලයින් කටයුතු නොකරන ලද අවස්ථාවේදී කඩිනමින් ක්‍රියාත්මක වූ එතුමන් තුවාල ලද පුද්ගලයාට කඩිනම් ප්‍රතිකාර ලබාදීම සඳහා කිලිනොච්චිය රෝහල වෙත රැගෙන යනු ලැබීය.
20th September 2024 13:51:09 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 සංවත්සර දිනයට සමගාමීව 11 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එන්.කේ.එච්.ආර්. නානායක්කාර ආර්ඩබ්ලිව්පී එල්එස්සී ගේ මඟපෙන්වීම මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 16 දින වවුනියාව, කට්කුලම් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක් ඉදිකරදෙනු ලැබීය.
20th September 2024 12:32:42 පැය
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 243 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එම්.සී. කුමාරසිංහ ගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 14 දින කල්ලඩි වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.
20th September 2024 12:23:16 පැය
වැලිකන්ද, කඩවත්මඩුව ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ නව චෛත්‍යයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවය 2024 සැප්තැම්බර් මස 14 දින පැවති අතර එම අවස්ථාව සඳහා ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.එ්. කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි වරුණි කුලතුංග මහත්මිය සහභාගි විය.
19th September 2024 18:54:51 පැය
ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් බී.කේ.ජී.එම්.එල්. රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී ගේ උපදෙස් හා 18 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් ඩී.ඒ.කේ. පලිහේන ගේ අධීක්ෂණය මත එම ඒකකයේ භටපිරිස් විසින් 2024 සැප්තැම්බර් මස 07 දින මදුරකැටිය ළමා සංවර්ධන මධ්‍යස්ථාන පරිශ්‍රය වටා ආරක්ෂිත කටු කම්බි වැටක් ඉදිකරන ලදී.
19th September 2024 11:23:05 පැය
232 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම සහ 4 ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීතුමන්ගේ අධීක්ෂණය මත එරාවුර් ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් 4 ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ලක්ෂ 25 කට ආසන්න වටිනාකමකින් යුත් නව නිවසක් ඉදිකරදෙන ලදී.
17th September 2024 21:27:20 පැය
ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනයට සමගාමීව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එල්.ඒ.සී. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම හා උපදෙස් සහ 241 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එල්.එස්.ඩී.එන්. පතිරත්න ආර්එස්පී යූඑස්පී ගේ අධීක්ෂණය මත සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය වෙතින් 2024 සැප්තැම්බර් මස 10 දින වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
17th September 2024 12:12:49 පැය
541 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.වයි.සී. ප්‍රනාන්දු ආර්ඩබ්ලිව්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත 2024 සැප්තැම්බර් මස 09 දින මන්/කල්ලිඅඩි රජයේ දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් වෙත පොත් ප්රදානය කිරීමේ වැඩසටහනක් සහ දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. 541 පාබල බලසේනාවේ 14 වන සංවත්සර දිනය නිමිත්තෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
17th September 2024 12:04:21 පැය
5 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුව වෙතින් මන්නාරම තේවන්පිඩ්ඩි රෝමානු කතෝලික දමිළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් 34 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් සහ ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 සැප්තැම්බර් මස 11 දින ක්‍රියාත්මක කරනු ලැබීය.