Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2024 18:45:08 Hours

552 පාබල බලසේනාවේ මූලිකත්වයෙන් රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස්මත 552 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් සී.ඩී. වෙලගෙදර යූඑස්පී අයිජී ගේ අධීක්ෂණය යටතේ එම බලසේනාවේ භට පිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 02 දින රුධිරය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

යාපනය මහ රෝහලේ රුධිර බැංකුවේ සහයෝගය ඇතිව මෙම වැඩසටහන පුනරින් මූලික රෝහලේදී පවත්වන ලද අතර, රුධිරය පරිත්‍යාග කිරීම වෙනුවෙන් ප්‍රදේශවාසීන්, යුද්ධ හමුදා සිවිල් කාර්ය මණ්ඩලයේ 04 දෙනෙකු සහ යුද්ධ හමුදා සාමාජිකයින් 40 දෙනෙකු ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූහ.