15th October 2024 12:40:27 Hours
ශ්රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සර දිනයට සමගාමීව 2024 ඔක්තෝම්බර් මස 10 දින 23 බලඇණිය ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් විනයාගර් පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 18 දෙනෙකු වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්රහයක් පිරිනැමිණි. 23 බලඇණිය ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එච්.ජී.ටී.ජේ. හපුරුගල ගේ මඟපෙන්වීම මත මෙම වැඩසටහන ක්රියාත්මක කෙරිණි.