16th October 2024 19:10:10 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව, 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් අනුරාධපුර, තිසාවැව බටහිර ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ඔවුන්ගේ එම නිවස ප්‍රතිසංස්කරණය කර දෙන ලදී. ප්‍රතිසංස්කරණය කරන ලද නිවස ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ ප්‍රධානත්වයෙන් 2024 ඔක්තෝබර් මස 15 දින නිවාස ලාභීන් වෙත පවරා දෙනු ලැබීය. මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය භඨකාර්ය සම්පාදන ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ටී.ඒ පීරිස් පීටීඑස්සී ගේ මගපෙන්වීම මත 2 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එච්.එම්.එස්.ජේ බණ්ඩාර ගේ අධීක්ෂණය යටතේ සිදු කරන ලදී.
මෙම ව්‍යපෘතියට සමගාමීව, 5 ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ අණදෙන නිලධාරී මේජර් එම්.ජී.ඩී.සී. සිකුරාජපති යූඑස්පී පීඑස්සී එල්එස්සී ගේ අධීක්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් මාන්කඩවල ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ඔවුන්ගේ එම නිවස ප්‍රතිසංස්කරණය කර 2024 ඔක්තෝබර් මස 15 නිවාස ලාභීන් වෙත පවරා දෙනු ලැබීය.
2 ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අණදෙන නිලධාරී මේජර් එම්.ජී.ඊ.එම්. අබේකෝන් පීඑස්සී එල්එස්සී ඒඒටීඕ ගේ අධික්ෂණය යටතේ එම ඒකකයේ භටපිරිස් විසින් ද පරසන්ගස්වැව ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුලක් සඳහා ඔවුන්ගේ එම නිවස ප්‍රතිසංස්කරණය කර දෙන ලදී.