18th October 2024 21:12:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරයට සමගාමීව ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය මගින් දැනට ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතියේ තවත් එක් අධියරක් ලෙස, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් 2024 ඔක්තෝබර් මස 16 සහ 17 යන දිනයන්හිදී පරන්තන් සහ කිලිනොච්චි ප්‍රදේශයේ නව නිවාස තුනක් නිවාස ලාභීන් වෙත ප්‍රධානය කරන ලදී.
6 බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වයෙන් සහ මහාචාර්ය බණ්ඩාර අතාවුද, ආරියරත්න විජේසිරි (සහකාර අධ්‍යාපන අධ්යක්ෂ), රුවන් දේශප්‍රිය ජයරත්න, ජීවනාදන් කන්දයියා යන දානපතියන්ගේ සහයෝගය ඇතිව ඉදිකරන ලද නව නිවස ආගමික වතාවත්වලින් අනතුරුව පරන්තන් සිවපුරම් හි තුරෛයිසාමි සන්තිර තේවන් මහතාට භාරදුන්හ.
අනතුරුව, 14 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස්හි ශ්‍රමදායකත්වය මත ඉදි කරන ලද නව නිවස ආරක්ෂක සේනා ආඥාපති - යාපනය විසින් කිලිනොච්චිය, පන්නන්කන්ඩි හි පිහිටි සැරයන් සංජය ජී.එම්.ජී ගේ භාර්යාව වන ලාන්ස් කෝප්රල් එම්. යෝගවඩන වෙත ප්රදානය කරන ලදී. මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය එම පවුලේ සාමාජිකයන් සහ 14 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භටපිරිස් විසින් සපයන ලදී.
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.කේ.එන්.සී ජයවර්ධන ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත 553 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.ඒ.අයි.එස් මෙන්ඩිස් ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම යටතේ මෙම නිවාස ඉදිකරන ලදී.
තවද, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය විසින් රාජ්කුමාර් රංජිතා මහත්මිය සහ ඇයගේ පවුලේ සාමාජිකයින් වෙත ඉයක්කච්චි ප්‍රදේශයේ තවත් නිවසක් ප්රදානය කරන ලදී. 1 බලඇණි යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත ලුතිනන් කර්නල් රෝහණ තිලකරත්න (විශ්‍රාමික), මේජර් රුවන් සිවනෙත්ති (විශ්‍රාමික), මේජර් සේනාධීර (විශ්‍රාමික), ප්රමුක් ප්‍රනාන්දු, නලින්ද දියගමගේ, ප්‍රවීන් කිරිවත්තුඩුව, ඉජාස් අහමඩ් සහ භාස්කරන් කන්දයියා යන දානපතියන්ගේ මූල්‍යමය දායකත්වය මත මෙම නිවස ඉදිකරන ලදී.
මෙම නිවාස 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ආර් පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී යූඑස්පී ගේ උපදෙස් මත 522 පාබල බලසේනාවේ වැඩබලන බලසේනාධිපති සහ 523 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එස්.එම්.සී.ඒ.සී සමරතුංග ආර්එස්පී ගේ මඟපෙන්වීම යටතේ ඉදිකරන ලදී.
උත්සව අවස්ථාවන් සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන් පිරිසක් ද සහභාගි වූහ.