Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th October 2024 22:56:02 Hours

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හානිවී ගිය වැව් බැම්මක් 10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් පිළිසකර කරයි

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය යටතේ හානිවූ කුඩාරිවත්තකුලම් වැව් බැම්ම 10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ භට පිරිස් විසින් 2024 ඔක්තෝබර් මස 24 දින ප්‍රතිසංස්කරණය කරන ලදී. 54 පාබල සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත, 541 පාබල බලසේනාවේ බළසේනාධිපතිගේ මඟපෙන්වීම සහ 10 (ස්වේච්ඡා) ගැමුණු හේවා බලකායේ අණදෙන නිලධාරීගේ අධීක්ෂණය යටතේ පැය කිහිපයක් ඇතුළත වැලිකොට්ට අතුරා සිදුවීමට ගිය හනිය වාලක්වා ගන්නා ලදී.

මෙම හනිවූ වැව් බැම්ම පිළිසකර කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද සහය විය.