29th October 2024 14:56:28 Hours
ශාස්ත්‍රපති පූජ්‍ය මීගහජඳුරේ සිරිවිමල හිමියන්ගේ මඟපෙන්වීම මත යාපනය, ශ්‍රී නාග විහාරස්ථානයේ සාම්ප්‍රදායික කඨින පූජෝත්සවය 51 පාබල සේනාංකයේ සහයෝගය මත 2024 ඔක්තෝම්බර් මස 26 සහ 27 දෙදින තුළ පැවැත්විණි.
මෙම වාර්ෂික කඨින පූජෝත්සවය ඔක්තෝබර් මස 26 දින ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සහ 51 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.බී.ජේ.කේ විමලරත්න ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මඟපෙන්වීම මත පැවැත්වුණු අතර උත්සවයේ සමාරම්භය සනිටුහන් කරමින් බෝධි පූජා පිංකමක් සහ ධර්ම දේශනාවක් පැවැත්විණි.
මෙම කඨින චීවර පූජෝත්සවය ඔක්තෝබර් මස 27 දින පැවති අතර එහිදී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භඨකාර්ය සම්පාදන ආඥාපති මේජර් ජෙනරල් ජී.එල්.එස්.ඩබ්ලිව්. ලියනගේ යූඑස්පී පීඑස්සී ගේ ප්‍රධානත්වයෙන් වර්ණවත් පෙරහැරක් මඟින් කඨින චීවරය වඩමවා මහා සංඝරත්නය වෙත පූජා කරනු ලැබීය. මෙම උත්සවය අතරතුරදී, මහා සංඝරත්නය උදෙසා හීල් දානය හා අටපිරිකර පූජා කළ අතර එහිදී කඨිනානිශංස ධර්ම දේශනාවක් පැවැත්විණි.
මෙම පූජෝත්සවය සඳහා යුද්ධ, නාවික හා ගුවන් හමුදා සාමාජිකයන්, පොලිස්, විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්, රාජ්‍ය නිලධාරීන්, මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයින් සහ බැතිමතුන් විශාල පිරිසක් සහභාගි වූහ.