Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

23rd October 2024 15:31:42 Hours

17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ මූලිකත්වයෙන් පම්පෙමඩු ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් නව නිවසක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ගේ උපදෙස් මත 17 (ස්වෙච්ඡා) බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් විසින් පම්පෙයිමඩු ප්‍රදේශයේ නිවාස අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් 2024 ඔක්තෝබර් මස 19 දින එම නිවාසලාභී පවුලේ සාමාජිකයන් වෙත නිල වශයෙන් පවරාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ සුරතින් නිවාසලාභි පවුලේ සාමාජිකයන් වෙත නව නිවසෙහි යතුරු ප්‍රධානය කරනු ලැබීය.

‘INSEE’ සිමෙන්ති පුද්ගලික සමාගමේ කළමණාකාර චන්දන නානායක්කාර මහතාගේ මූල්‍ය අනුග්‍රාහකත්වය හා 562 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරිණි.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ නිවාසලාභී පවුලේ සාමාජිකයින් එක්ව සිටියහ.