15th March 2023 05:25:13 පැය
කෑගල්ල නගරයේ රන්වැල්ල හන්දිය අසල පිහිටි තාවකාලික නිවාස දෙකක පසුගිය සඳුදා (13) දින ඇති වූ ගින්නක් මැඩපැවැත්වීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 61 වන පාබල සේනාංකයට අයත් 611 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සාමාජිකයන් පිරිසක් සිය සහයෝගය දැක්වූහ. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් කරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු සහ සෙසුනිලයන් 15 දෙනෙකු කඩිනමින් එම ස්ථානය වෙත ගොස් මාවනැල්ල ගිනි නිවීමේ ඒකකය සහ කෑගල්ල පොලිස් නිලධාරීන් සමඟ සහයෝගයෙන් යුතුව වේගයෙන් පැතිරෙමින් පැවති ගින්න නිවා දැමීමට කටයුතු කළහ. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 611 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සුජීව එරගොඩ සහ 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් ඒ.ඒ. ඒකනායක එක්ව මෙම කාර්යය සමීපව අධීක්‍ෂණය කරනු ලැබූහ.
13th March 2023 19:21:02 පැය
ඓතිහාසික රුවන්වැලි මහා සෑයේ වැලි මළුවෙහි වර්ග මීටර් 800 ක් පමණ පැතිර ඇති වැලිමළුවේ වාර්ෂිකව පවත්වනු ලබන වැලි ඇතිරීමේ උත්සවය 21 වන පාබල සේනාංකයේ සහ ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ මධ්‍යම භටපිරිස්හි සහයෝගය ඇතිව 2023 මාර්තු මස 3 දින සිට 5 දින දක්වා පැවැත්විණි. දින තුනක් පුරාවට සිදුකෙරුණු මෙම පුණ්‍ය වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත 250 කට අධික භටපිරිසක් සිය දායකත්වය දැක්වූහ. රුවන්වැලි මහා සෑයේ විහාරාධිපති හිමිපාණන් විසින් වැඩසටහනේ සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් අවශ්‍ය මඟපෙන්වීම් ලබාදුන්නේය. මෙම පුණ්‍ය වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ බැතිමතුන් පිරිසක් ද සහභාගි වූහ.
13th March 2023 19:00:02 පැය
613 වන පාබල බලසේනාව යටතේ ස්ථාපිත 3 වන (ස්වෙච්ඡා) ගැමුණු හේවා බලකායේ භටපිරිස් අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුන් දෙදෙනෙකු වෙත පාසල් උපකරණ සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය 2023 මාර්තු මස 10 දින පරිත්‍යාග කරනු ලැබීය. හොරගොඩ නවෝද්‍යා විද්‍යාලයේ ඉගෙනුම ලබන තෙලිජ්ජවිල, හොරගොඩ, ආඳාදොල ප්‍රදේශයේ වෙසෙන එම සිසුන් වෙනුවෙන් මාතර ලක්සිරි ටෙක්ස්ටයිල් පුද්ගලික සමාගම ලබාදුන් අනුග්‍රාහකත්වය මත භටපිරිස් විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදී.
13th March 2023 18:50:02 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයට අයත් 233 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 6 වන ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් මාර්තු මස 2 දින රුධිර පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදී. මඩකලපුව ලේ බැංකුව වෙතින් ලබාදුන් සහයෝගය මත මෙම වැඩසටහන නාවල්අඩි ප්‍රදේශයේ ස්ථාපිත 6 වන ගජබා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේදී ක්‍රියාත්මක කෙරිණි. මෙම වැඩසටහන සඳහා 23 වන පාබල සේනාංකය, 233 වන පාබල බලසේනාව සහ 6 වන ගජබා රෙජිමේන්තුව නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයන් 80 දෙනෙකු සිය රුධිරය පරිත්‍යාග කළහ. 23 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 6 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි මේජර් ආර්.එම්.එල්. රත්නායක විසින් මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සංවිධානය කරන ලදී.
13th March 2023 18:20:02 පැය
233 වන පාබල බලසේනාවේ 32 වන සංවත්සර දිනය වෙනුවෙන් එම බලසේනාවේ භටපිරිස් විසින් මඩකලපුව, කදිරවේලි ප්‍රදේශයේ පිහිටි ‘තිලකාවතියර්’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. මෙම වැඩසටහන සාර්ථකව සිදුකිරීම සඳහා අවශ්‍ය මාර්ගෝපදේශයන් 233 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වසන්ත හේවගේ විසින් ලබාදුන්නේය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.
13th March 2023 18:10:02 පැය
පිළියන්දල, මාම්පේ ශ්‍රී විජයවර්ධනාරාම පුරාණ මහා විහාරස්ථානයේ වැඩවිසූ අපවත්වී වදාළ පූජ්‍ය වල්මිල්ලේ ශ්‍රී සෝමානන්දභිධාන හිමිපාණන්ගේ 6 වන ගුණානුස්මරණ දිනය නිමිත්තෙන් 2023 මාර්තු මස 11 දින පවත්වනු ලැබූ ලේ දන්දීමේ වැඩසටහන සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් 25 දෙනෙකු සහභාගී වී සිය රුධිරය පරිත්‍යාග කළහ. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ මාර්ගෝපදේශ සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති හා 142 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ ක්‍රියාත්මක කරනු ලැබූ මෙම රුධිර පරිත්‍යාග වැඩසටහන සඳහා 142 වන පාබල බලසේනාව සහ 7 වන ගැමුණු හේවා බලකායට අයත් භටපිරිස් සිය රුධිරය පරිත්‍යාග කළහ.
13th March 2023 17:30:02 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර බලප්‍රදේශයේ පිහිටි රෝහල්වල සුළු සේවකයන් විසින් පසුගිය බදාදා (8) දින සිදුකරනු ලැබූ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් අඩපණ වී තිබූ එම රෝහල්වල අත්‍යාවශ්‍ය සෞඛ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට රෝහල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 සහ 61 වන පාබල සේනාංකවල භටපිරිස් අවශ්‍ය සහයෝගය කඩිනමින් ලබාදුන්හ. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත 14 සහ 61 වන පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන් සිය බලප්‍රදේශයේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් පීඩාවට පත්ව සිටින ආසන්නතම රෝහල් වෙත භටපිරිස් යොමුකරනු ලැබූහ.
10th March 2023 18:54:00 පැය
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ මූල්‍ය අනුග්‍රාහකත්වය මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 වන පාබල සේනාංකයට අයත් 553 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් වඩමාරච්චි, අලියාවලෙයි ලංකා පල්ලිය දමිළ මිශ්‍ර පාසලේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් සහ වඩමාරච්චි නැගෙනහිර ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් ජල පිරිපහදු යන්ත්‍රයක් ස්ථාපනය කරනු ලැබීය. වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයේ සිසු සිසුවියන් සහ අවශ්‍යතා සහිත ප්‍රදේශවාසීන් වෙනුවෙන් පැය 24 පුරාවටම පිරිසිදු පානීය ජලය ලබාදීමේ අපේක්‍ෂාවෙන් මෙම ජල පිරිපහදු යන්ත්‍රය පසුගිය බදාදා (මාර්තු මස 8) දින පැවති චාම් උත්සවයකදී විවෘත කරමින් අලියාවලෙයි ලංකා පල්ලිය දමිළ මිශ්‍ර පාසලේ සිසු සිසුවියන් සහ ගම්වාසීන් වෙත භාරදෙනු ලැබීය.
10th March 2023 18:43:38 පැය
වැලිකඩ හේවාවිතාරණ මහා විද්‍යාලයේ පාසල් බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව 14 වන පාබල සේනාංකය යටතේ ස්ථාපිත 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 2 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ සාමාජිකයින් විසින් පසුගිය බදාදා (මාර්තු මස 08) දින එම විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයින් 25 දෙනෙකු වෙනුවෙන් ‘නායකත්වය’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් පවත්වන ලදී. එම පාසලේ ශිෂ්‍ය නායකයින්ගේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීම, අභියෝගවලට මුහුණ දීම, විනයගරුකව සිය දක්‍ෂතා සහ කුසලතා වර්ධනය කරවීම අරමුණු කරගනිමින් මෙම නායකත්ව ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය. ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ මඟපෙන්වීම සහ 14 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් රොෂාන් ජයමාන්න සහ 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වින්දන කොඩිතුවක්කු අධීක්‍ෂණය මත වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
09th March 2023 20:10:44 පැය
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 51 වන පාබල සේනාංකයට අයත් 511 වන පාබල බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ තවත් නිවසක් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යාපනය දිස්ත්‍රික්කයේ, කෝලන්කලට්ටි ග්‍රාම නිලධාරී වසමට අයත් කීරමලේ ප්‍රදේශයේ වෙසෙන ආරුමුගම් චන්ද්‍ර සේකරම් මහතාගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 7) දින භාරදෙනු ලැබීය.