02nd April 2023 22:26:54 Hours
යුද්ධ හමුදාවේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතීන් තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිංහ සමාජයේ අනුග්‍රාහකත්වය මත 143 වන බලසේනාව යටතේ ස්ථාපිත 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ගිරිඋල්ල, මැද්දේපොල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැගිලි දෙකක් ප්‍රතිසංස්කරණය කර මාර්තු මස 28 දින පැවති කෙටි උත්සවයකදී පාසල් බලධාරින් වෙත පවරාදුන්හ.
පාසල් බලධාරින් යුද්ධ හමුදාව වෙතින් සිදුකළ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ල ගේ සම්බන්ධීකරණය මත සිංහ සමාජය මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය. 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ඒ.එස්.පී. කුමාර ගේ අධීක්‍ෂණය මත යුද්ධ හමුදා භටපිරිස් එම විද්‍යාලයේ අබලන්ව පැවති ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනු ලැබීය.
මෙම ව්‍යාපෘතියට සමගාමීව සිංහ සමාජයේ මූලිකත්වයෙන් එම විද්‍යාලයේ ක්‍රීඩා පිටිය ද ප්‍රතිසංස්කරණය කරනු ලැබූ අතර එම ව්‍යාපෘතීන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය සහ අරමුදල් සිංහ සමාජය වෙතින් සපයනු ලැබිණි.
ප්‍රතිසංස්කරණය කරන ලද පාසල් ගොඩනැගිලි සහ ක්‍රීඩා පිටිය නැවත විවෘත කිරීමේ අවස්ථාවට පාසල් බලධාරීන්ගේ ආරාධනාවකට අනුව 143 වන පාබල බලසේනාවේ බලසේනාධිපති, 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි, නිලධාරින්, සෙසුනිලයන් සහ සිංහ සමාජයේ සාමාජිකයන් ද සහභාගී වූහ.