Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th April 2023 21:20:48 Hours

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ‘හරිත නියමුවෝ’ වැඩසටහනට දායකත්වය ලබදෙයි

1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සහ වයඹ පුහුණු ආයතනය සමගින් එක්ව ලෝක ආහාර සුරක්‍ෂිතතා වැඩසටහන යටතේ අනාගත පරපුර ඊට දායක කිරීමේ අරමුණින් පාසල් සිසුවියන් දිරිමත් කිරීම සඳහා සංවිධානය කරන ලද ‘හරිත නියමුවෝ’ යන තේමාව යටතේ කෘෂිකාර්මික දැනුම වැඩිදියුණු කිරීමේ සහ නායකත්ව හැකියාව සංවර්ධන කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (01) දින වාරියපොල වයඹ පුහුණු ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව සඳහා දඹදෙණිය මහා විද්‍යාලයේ සහ නිකවැරටිය ජයන්ති නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ සිසුවියන් 70 දෙනෙකු සහභාගී වූ අතර, එහිදී යුද්ධ හමුදා භටපිරිස් මෙම වැඩමුළුවේදී යුද්ධ හමුදා ශාරීරික පුහුණු උපදේශකවරුන් සහභාගී කරවමින් එම සිසුවියන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික කණ්ඩායම් ක්‍රියාකාරකම් ඇතුළත් නායකත්ව පුහුණු සැසි පැවැත්වීමට ද සහාය වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් දීපාල් පුස්සැල්ලගේ උපදෙස් මත 143 පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ෆවුමි කිචිලන් සහ 1 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් කේ.ඒ.එස්.පී කුමාර විසින් මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදාවේ භටපිරිස්හි කටයුතු අධීක්‍ෂණය කරන ලදී