06th April 2023 18:30:43 Hours
එළඹෙන මහ සිකුරාදා දින සහ පාස්කු ඉරුදින සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල, පැලවත්ත පිහිටි ‘ශාන්ත ජෝන් ඩාල් බොස්ටෝන්’ (St. John Dal Bastone ) දේවස්ථානයේදී ක්‍රිස්තුස් වහන්සේ වෙත ‘පාද නමස්කාරය සහ කොමිසන් කිරීම’ පිළිබිඹු කරන යාඥා මෙහෙයක් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ දේවගැතිතුමන්ලාගේ මූලිකත්වයෙන් පසුගිය අඟහරුවාදා (04) දින පවත්වනු ලැබූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායේ කර්නල් සේනාවිධායක, අධ්‍යක්‍ෂ ජෙනරාල් මූල්‍ය කළමනාකරණ සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර, ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක හා යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ ලේකම් මේජර් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ සහ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් යාඥා මෙහෙය සඳහා සහභාගී වූහ.
ක්‍රිස්තුස් වහන්සේ වෙත ‘පාද නමස්කාරය සහ කොමිසන් කිරීම’ පිළිබිඹු කරන මෙම යාඥා මෙහෙය මගින් එතුමන්ගේ ජීවිතයේ සෑම අදියරක්ම පිළිබිඹු වන අතර, මෙම ශුද්ධ වූ දිව්‍ය පූජාව සිදුකරනු ලැබුවේ යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ දේවගැති ගරු නොයෙල් ඩයස් පියතුමා විසිනි. තවද, මෙම යාඥා මෙහෙය මගින් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ නිලධාරීන්ට සහ සෙසු නිලයන්ට ජේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ජිවිතය පිළිබිඹු කරමින්, මෙම සමය තුළ තම මනස සැහැල්ලු කර ගැනීමට සහ ඔවුන්ගේ ජීවිත අධ්‍යාත්මිකව මෙනෙහි කිරීමට අවස්ථාවක් සැලසිනි.
යාඥා මෙහෙය අවසානයේ මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර විසින් යුද්ධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ දේවගැති ගරු නොයෙල් ඩයස් පියතුමා ඇතුළු පූජකතුමන් වෙත ‘පාද නමස්කාරය සහ කොමිසන් කිරීම’ යාඥා මෙහෙය පැවැත්වීම සඳහා දේවස්ථානයේ සියලු කටයුතු සංවිධානය කරමින් ලබාදුන් සහයෝගය වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කරන ලද අතර, සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට දේව ආශිර්වාද පැතීය.