04th April 2023 17:15:32 Hours
අකුරේගොඩ අභිනවරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කපුගම ධම්මවංශ හිමිපාණන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත 14 වන පාබල සේනාංකයට අයත් 144 වන පාබල බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් භික්‍ෂූන් වහන්සේලා වැඩවසන ආවාසගෙවල් ප්‍රතිසංස්කරණය කර තීන්ත ආලේපනය කිරීම සහ එම විහාරස්ථානයේ ‘බෝ මළුව’ අවට බිත්ති සහ එම මළුව පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2023 අප්‍රේල් මස 02 දින ක්‍රියාත්මක කරනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් හා 144 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය මත 10 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරීතුමන් එම විහාරස්ථානයේ විහාරාධිපති හිමිපාණන් බැහැදැක මෙම කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම ඒකකයේ නිලධාරියෙකු සහ සෙසුනිලයන් දස දෙනෙකු එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.
මෙම වැඩසටහනේ සාර්ථකත්වය වෙනුවෙන් එම විහාරස්ථානයේ නේවාසික භික්‍ෂූන් වහන්සේලා, සිවිල් වැසියන් සහ සිසු සිසුවියන් පිරිසකගේ ද දායකත්වය හිමිවූහ.