15th April 2023 08:08:16 Hours
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයේ 35 වන අභිමානවත් සංවත්සර දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික හා හමුදා සම්ප්රදායානුකූල උත්සව මාලාවක් මාර්තු මස 25 දින ආරම්භ කරන ලදී. සැමරුම් උත්සවය වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (04) දින එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාර පිරිනමනු ලැබීය.
සංවත්සර දිනයට සමගාමීව 21 වන සේනාංක මූලස්ථානයේ රාජකාරි කරනු ලබන භටපිරිස් සහභාගීත්වයෙන් එම සේනාංක ක්රීඩා පිටියේදී සුහද වොලිබෝල් තරඟාවලියක් සහ ක්රිකට් තරඟාවලියක් පවත්වනු ලැබිණි. තවද, සංවත්සර දිනය සනිටුහන් කරමින් සේනාංකාධිපතිතුමන් කඳවුරු පරිශ්රයේ පැළයක් රෝපණය කිරීම සහ සියලු නිල දිවා භෝජන සංග්රහයක් සඳහාද සහභාගී වූ අතර, එදින සවස විනෝදාස්වාදක වැඩසටහනක් ද පැවැත්වූහ.
21 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා, ඒකක සහ ඉදිරි නඩත්තු පෙදෙස - (උතුරු මැද) යටතේ ස්ථාපිත ඒකකයන්හි භටපිරිස් 300 කට අධික පිරිසකගේ සහ අනුරාධපුර පොලිස්ථානයේ නිලධාරීන්ගේ ද සහාය ඇතිව කූඹිච්චන්කුලම මාර්ගයේ මීටර් 3700 ක ප්රමාණයක් පිරිසිදු කිරීමේ වැඩසටහනක් ද ඉරිදා (02) දින පවත්වන ලදී.
එදිනම අනුරාධපුර, සාලියපුර ‘සතුට ළමා නිවාසයේ’ දරුවන් 31 දෙනෙකු වෙනුවෙන් ප්රණීත උදෑසන භෝජන සංග්රහයක් පිරිනමන ලදී. සංවත්සර දින උත්සවයේ කටයුතු අවසන් කරමින් සියලු නිල දිවා භෝජන සංග්රහයක් පවැත්වූහ.