18th April 2023 21:42:31 පැය
ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ සේවය කරනු ලබන සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සාම සාධක මෙහෙයුම් පුහුණු ආයතනය විසින් ඉකුත් අප්‍රේල් 10 දින සංවිධානය කරන ලදී.
18th April 2023 21:36:55 පැය
දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා පාබල හමුදාවේ නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන් එක්ව අලුත් අවුරුදු දින (අප්‍රේල් මස 14) එම කඳවුරු පරිශ්‍රය තුළ සිංහල සහ දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘බක්මහ උළෙලක්’ පවත්වනු ලැබීය.
17th April 2023 18:20:02 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පිහිටි පල්ලෙකැලේ ස්ථාපිත 11 වන පාබල සේනාංකය විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම සේනාංකයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ලබාදුන් ත්‍යාග පාර්සල් 31 ක් ප්රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (10) දින පැවැත්වීය.
17th April 2023 18:07:02 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 23 වන පාබල සේනාංකයේ 231 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 11(සෙව්) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගේ ඉල්ලීමක් මත නවීකරණය කරන ලද ත්‍රිකුණාමලය, කෙවිලියාමඩු ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනී කාර්යාලය පසුගිය සිකුරාදා (07) දින එම බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
17th April 2023 18:05:02 පැය
ආරක්ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර වෙතින් පවත්වනු ලබන වාර්ෂික සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය පසුගිය ඉරිදා (09) දින උත්කර්ෂවත් අයුරින් පැවැත්වීය.
15th April 2023 19:32:39 පැය
61 වන පාබල සේනාංකයට අයත් 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3(සෙව්) ගැමුණු හේවා බලඇණියේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය ඇතිව ‘සයුර රකින රැල්ල සමඟ එක්ව සයුරට හුස්මක්’ යන තේමාව යටතේ වැලිගම, කප්පරතොට වෙරළ තීරය සහ කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (10) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
15th April 2023 08:13:47 පැය
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආරක්ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක සේනා මූලස්ථානය - බටහිර සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් 25 දෙනෙකු වෙත පසුගිය අඟහරුවාදා (11) දින ත්‍යාග ප්රදානය කරන ලදී.
15th April 2023 08:08:16 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 21 වන පාබල සේනාංකයේ 35 වන අභිමානවත් සංවත්සර දිනය වෙනුවෙන් බෞද්ධ ආගමික හා හමුදා සම්ප්‍රදායානුකූල උත්සව මාලාවක් මාර්තු මස 25 දින ආරම්භ කරන ලදී. සැමරුම් උත්සවය වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (04) දින එම සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය සහ සම්මාන මුරයේ ගෞරවාචාර පිරිනමනු ලැබීය.
12th April 2023 21:50:30 පැය
4 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් එම ඒකකයේ නිවාස අවශ්‍යතා ඇති සෙබළෙකු වෙත ‘උරුමයට ජීවයක්’ සහ ‘ඩිජිටල් 400’ යන සංවිධානයන්හි මූල්‍යමය අනුග්‍රාහකත්වය ඇතිව බකමූණ ප්‍රදේශයේ නව නිවසක් ඉදිකර දෙන ලදී.
12th April 2023 21:47:27 පැය
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ඒ යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුර විසින් ජාතීන් අතර ආගමික, සංස්කෘතික සහ සමාජීයීය අවබෝධය, සාරධර්ම, ආකල්ප සහ අන්තර් සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය පසුගිය සඳුදා (10) යාපනය, පලාලි ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.