12th April 2023 21:47:27 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය සහ ඒ යටතේ ස්ථාපිත ඉදිරි නඩත්තු පෙදෙස - උතුර විසින් ජාතීන් අතර ආගමික, සංස්කෘතික සහ සමාජීයීය අවබෝධය, සාරධර්ම, ආකල්ප සහ අන්තර් සබඳතා වැඩිදියුණු කිරීමේ අරමුණින් සංවිධානය කරනු ලැබූ සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය පසුගිය සඳුදා (10) යාපනය, පලාලි ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ තවත් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව උත්සවයේ වැඩකටයුතු ආරම්භ කරනු ලැබීය.
අවුරුදු උත්සවය සඳහා කඹ ඇදීම, කොට්ට පොරය, ග්‍රීස් ගහේ නැගීම, බනිස් කෑම, ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීම, අලියාට ඇස තැබීම, කනා මුට්ටිය බිදීම, අවුරුදු කුමරා හා කුමරිය තේරීම, මැරතන් ධාවන තරඟය, විකට ඇඳුම් තරඟය, බාධක දීවීම, පැදුරු වීවීම, සෙමින් පාපැදියේ ගමන් කිරීම සහ රබන් ගැසීම ආදී සම්ප්‍රදායික ක්‍රීඩා හා විනෝදාත්මක අංගයන් රැසක් ඇතුලත් වූහ.
තරඟ ජයග්‍රාහකන් සඳහා ත්‍යාග ප්‍රදානය කිරීම ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් සිදුකරන ලදී.
උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගි වූහ.