12th April 2023 21:43:21 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 වන පාබල සේනාංකයේ භටපිරිස් මූලිකත්වයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිවිල් - හමුදා සහයෝගීතාව වැඩිදියුණු කිරීමේ අරමුණින් ත්‍රිකුණාමලය කොටුව, ෆෙඩ්‍රික් ක්‍රීඩා පිටියේදී සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය පසුගිය ඉරිදා 9 වන දින පවත්වනු ලැබීය.
22 වන සේනාංකය යටතේ සේවයේ නියුතු භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගී වූ මෙම අවුරුදු උත්සය සඳහා සම්ප්‍රදායික ක්‍රීඩා හා විනෝදාත්මක අංගයන් රැසක් ඇතුලත් විය.
කඹ ඇදීම, අවුරුදු කුමරිය තේරීම, අලියාට ඇස තැබීම, බනිස් කෑම, සෙමින් බයිසිකල් පැදීම, මැරතන් ධාවන තරඟය ඇතුළු සිංහල හා දමිළ සම්ප්‍රදායික ක්‍රීඩා රැසක් අවුරුදු උත්සවයට ඇතුලත් විය.
22 වන පාබල සේනාංකයේ උපදෙස් මත 221 පාබල බලසේනාව, 2 (සෙව්) ගජබා රෙජිමේන්තුව සහ 17 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව අවුරුදු උත්සවය සංවිධානය කරන ලදී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.බී අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.
උත්සව අවස්ථාවට 222 සහ 223 පාබල බලසේනාවල බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 22 පාබල සේනාංකයේ භටපිරිස් සහ ත්‍රිකුණාමලය ‘ලංකා IOC’ පර්යන්තයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ඩෙබන්ජන් මුකර්ජි මහතා, සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් සහභාගී වූහ.