15th April 2023 19:32:39 Hours
61 වන පාබල සේනාංකයට අයත් 613 වන පාබල බලසේනා බලප්‍රදේශයේ පිහිටි 3(සෙව්) ගැමුණු හේවා බලඇණියේ සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වය ඇතිව ‘සයුර රකින රැල්ල සමඟ එක්ව සයුරට හුස්මක්’ යන තේමාව යටතේ වැලිගම, කප්පරතොට වෙරළ තීරය සහ කොරල්පර පිරිසිදු කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (10) දින ක්‍රියාත්මක කරනු ලැබීය.
සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් කරන ලද ඉල්ලීමකට අනුව ආරක්ෂක සේනා ආඥාපති - බටහිර ගේ උපදෙස් මත භටපිරිස් විසින් එම අධිකාරියේ මාතර ප්‍රාදේශීය කාර්යාලය මගින් සංවිධානය කරන ලද මෙම වැඩසටහනට දායක වූහ.
61 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, 613 වන පාබල බලසේනාවේ බලසේනාධිපති සහ 3(සෙව්) ගැමුණු හේවා බලඇණියේ අණදෙන නිළධාරී මෙම වැඩසටහන අධීක්ෂණය කරනු ලැබීය.
වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන පැවැත්වීම සඳහා වැලිගම සම්පත් බැංකුව, වැලිගම බේ කිමිදුම් මධ්‍යස්ථානය සහ කප්පරතොට නාරා - ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ ද සහාය හිමි වූහ.