Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2023 19:04:30 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව වෙසක් උත්සවය සමරයි

කුරුණෑගල හෙරලියාවල ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් එක්ව මැයි මස 5 සිට 8 දක්වා වෙසක් පහන් කූඩු සහ විදුලි ආලෝකකරණයන්ගෙන් හෙරලියාවල කඳවුරු පරිශ්‍රය ආලෝකවත් කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමගින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක එක්ව ලබා දුන් මගපෙන්වීම මත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ කීර්තිනාථ ආර්එස්පී පීඑස්සී ගේ උපදෙස් මත එම බලමුළුවේ ඒකකයන් විසින් ඉදිරිපත් කරන ලද අලංකාරවත්වූ වෙසක් සැරසිලි නැරඹීම සඳහා විශාල ජනකායක් පැමිණ සිටියහ.

වෙසක් කලාපය නැරඹීම සඳහා පැමිණි ජනතාව වෙනුවෙන් භටපිරිස් විසින් ඔසුපැන් දන්සලක් සංවිධානය කරනු ලැබු අතර, එම අවස්ථාවට සංගීත රසාස්වාදයක් එක් කරමින් ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුව විසින් භක්ති ගීත ප්‍රසංගයක් ද පවත්වනු ලැබීය.