Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

11th May 2023 18:52:12 Hours

24 පාබල සේනාංකය වෙසක් උත්සවය උත්කර්ෂවත් ලෙස සමරයි

වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව් චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී ගේ උපදෙස් මත 24 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස්, එම සේනාංකය යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි භටපිරිස් සමගින් එක්ව අම්පාර ප්‍රදේශයේ ආගමික සහජීවනය සංකේතවත් කරමින් වෙසක් උත්සවයක් පසුගිය සිකුරාදා (05) දින පවත්වනු ලැබූහ.

වෙසක් උත්සවය වෙනුවෙන් 24 පාබල සේනාංක මූලස්ථානයේ භටපිරිස් අම්පාර, මල්වත්ත හන්දියේදී අලංකාරවත් වෙසක් පහන් කූඩුවක් ප්‍රදර්ශනය කරන ලද අතර, එයට සමගාමීව කොත්තමල්ලි දන්සලක්ද පැවැත්වීය.

241 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ මගපෙන්වීම මත එම බලසේනාවේ භටපිරිස් අක්කරෙයිපත්තු 241 බලසේනා මූලස්ථාන පරිශ්‍රය ඉදිරිපිටදී ‘සව්’ දන්සැලක් පැවැත්වූ අතර, 11 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් ‘නීතා සීලතලාරාම’ විහාරස්ථානයේ පැවති බෝධි පූජා පිංකමක් සඳහා සහභාගී වූහ. තවද, එරගම ප්‍රදේශයේ කොත්තමල්ලි දන්සැලක් සහ අක්කරෙයිපත්තුව විහාරස්ථානයේ විචිත්‍රවත් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශණයක් ද පැවැත්විය.

16 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ‘වෙසක්’ උත්සවය නිමිත්තෙන් අන්නමලෙයි ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් බෝධි පූජා පිංකමක් සහ කොත්තමල්ලි දන්සැලක් පවත්වන ලදි. තවද, 18 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් කරතිව් ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන්‘බත් දන්සැලක්’ පැවැත්වූ අතර, කල්මුණේ නගරයේ කැරකෙන වෙසක් පහන් කූඩුවක් ද ප්‍රදර්ශනය කළහ.

242 පාබල බලසේනාව සහ එම බල ප්‍රදේශය යටතේ ස්ථාපිත ඒකකයන් ද වෙසක් උත්සවය නිමිත්තෙන් විචිත්‍රවත් වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනයක් පැවැත්වූ අතර, 23 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් දන්සැල් පවත්වනු ලැබූහ.