Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th May 2023 18:27:38 Hours

64 පාබල සේනාංකය වෙසක් පොහෝ දිනය වෙනුවෙන් වෙසක් කලාපයක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් යටතේ ස්ථාපිත 64 වන පාබල සේනාංකයේ භටපිරිස් ඔඩ්ඩුසුඩාන් නගරයේ අලංකාරවත් වෙසක් කලාපයක් සංවිධානය කර තිබූ අතර, එම වෙසක් කලාපය 64 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන් ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ ප්‍රධානත්වයෙන් වෙසක් පොහෝ දින (05) විවෘත කරන ලදී. එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා භටපිරිස් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් ද සහභාගී වූහ.

වෙසක් කලාපය නැරඹීම සඳහා ප්‍රදේශයේ විශාල ජනකායක් පැමිණ සිටි අතර, එහි නිර්මාණ කටයුතු 641, 642, 643 පාබල බලසේනාවන්හි සහ 8 ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව, 14 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව, 23 විජයබාහු පාබල රෙජිමේන්තුව, 17(සෙව්) ගජබා රෙජිමේන්තුව යන ඒකකයන්හි භටපිරිස් විසින් සිදුකරන ලදී.

වෙසක් කලාපය අතරතුරදී යුද්ධ හමුදා භටපිරිස් එම වෙසක් කලාපය නැරඹීමට පැමිණ සිටි සිවිල් වැසියන් 3000 කට අධික පිරිසක් සඳහා බනිස් සහ තේ පැන් සංග්‍රහයක් ද පිරිනමනු ලැබූහ.