17th May 2023 06:38:30 Hours
බම්බලපිටිය සහ මහරගම ශ්‍රී වජිරඥාන දහම් පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ සම්බන්ධීකරණය මත ඇමරිකාවේ පදිංචි රවි රවීන්ද්‍රන් මහතාගේ පරිත්යාගශිලිත්වයෙන් යාපනය අර්ධද්වීපයේ නාවට්කුලි ලක්දරු පෙර පාසලේ ඉගෙනුම ලබන ළමුන් 26 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ වතුර බෝතල් පරිත්‍යාග කරන ලදී.
52 පාබල සේනාංකයේ භටපිරිස් 523 පාබල බලසේනාව සහ 11 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුව සමඟ එක්ව ගුරුවරුන් සඳහා ටී ෂර්ට්, මේස, පුටු, සාරි සහ ළමුන් සඳහා පාසල් නිල ඇඳුම් ලබාදීමට කටයුතු කරන ලදී. එහිදි, එම පෙර පාසලේ දරුවන් මුහුණ දෙන පානීය ජල ගැටලුවට විසදුමක් ලෙස පෙර පාසල් පරිශ්‍රය තුළ ජල පිරිපහදු ඒකකයක් ද ස්ථාපිත කරන ලදී.
පෙර පාසල් පරිශ්‍රයේ පැවැති උත්සවයකදී 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ 523 පාබල බලසේනාවේ බලසේනාධිපති ගේ මගපෙන්වීම යටතේ 11 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි, නිලධාරීන් සහ සෙසුනිලයන් විසින් මෙම දිරිගැන්වීම් ප්‍රතිලාභීන් වෙත බෙදාදෙන ලදී.