19th May 2023 19:30:24 Hours
යාපනය වරණි මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමකට අනුව 52 පාබල සේනාංකය යටතේ ස්ථාපිත 521 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම විද්‍යාලයේ ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කර මැයි මස 17 දින සිසු සිසුවියන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් පාසල් බලධාරින් වෙත භාරදෙනු ලැබීය.
එම විද්‍යාලය වෙතින් සපයනු ලැබූ අමුද්‍රව්‍ය ප්‍රයෝජනයට ගනිමින් 5 ඉංජිනේරු සේවා බලකාය, 15 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුව සහ 11 විජයබාහු පාබල රෙජිමේන්තුවේ භටපිරිස්හි ශ්‍රම දායකත්වය මත මාස දෙකක් ඇතුළත පාසල් ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණය කරනු ලැබිණි.
මෙම ගොඩනැගිල්ල පාසල් බලධාරින් වෙත පවරාදීමේ උත්සව අවස්ථාව සඳහා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය එස්. අරවින්ද කුමාර් මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් මහතා, ආරක්ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් ඩී.බී.එස්.එන් බෝතොට, 52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කේ.පී.එස්.ඒ ප්‍රනාන්දු, 521 පාබල බලසේනාවේ බලසේනාධිපති කර්නල් එම්.එච්.ආර් ප්‍රනාන්දු, ව්‍යාපෘති සම්බන්ධීකාරක ටී. සෙල්වකුමාර මහතා, පාසල් බලධාරින්, ගුරු භවතුන් සහ සිසු සිසුවියන් ද සහභාගී වූහ.