16th March 2023 20:35:24 Hours
පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ අභිනවයෙන් ඉදිකරනු ලැබූ යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලයේ කාර්යාල ගොඩනැගිලි සංකීර්ණය ඉකුත් අඟහරුවාදා (14) දින සන්ධ්‍යාවේ පැවති චාම් උත්සවයකදී විවෘත කෙරිණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සහභාගී වූ අතර යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් සී.ඩී. වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී ඇතුළු එම අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරින් විසින් මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරනු ලැබිණි. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් විසින් පීත්ත පටිය කපා නව කාර්යාල ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව, අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ එක්ව නව කාර්යාල ගොඩනැගිල්ලේ සෑම අංශයක් පිළිබඳවම හොඳින් නිරීක්ෂණය කරනු ලැබීය. යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ක්‍රියාත්මක කරනු ලබන කෘෂිකාර්මික කටයුතුවල ප්‍රගතිය පිළිබඳව ද එහිදී විමසා බැලූ අතර අනෙකුත් පරිපාලනමය කටයුතු පිළිබඳව ද විමසා බැලීය.
උත්සවය සමාප්තියේ, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ගනු ලැබූ සමූහ ඡායාරූපයක් සඳහා ද යුද්ධ හමුදාධිපතිතුමන් ප්රමුඛ සම්භාවනීය අමුත්තන් සහභාගී වූහ. තේ පැන් සංග්‍රහයෙන් අනතුරුව යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්යක්ෂ මණ්ඩලය වෙනුවෙන් ලබාදුන් මාර්ගෝපදේශයන් ඇගයීමට ලක්කරමින් බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්ෂ ආර්එස්පී විසින් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්රදානය කරන ලදී.