Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th March 2023 21:46:03 Hours

අනුරාධපුර ‘අභිමංසල 1’ සුවතා නිකේතනයේ ‘මායා චිත්‍ර’ වැඩසටහනක් ආරම්භ කරයි

අනුරාධපුර ‘අභිමංසල 1’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන පූර්ණ රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා දියුණුකරමින් එම කලා කුසලතා වැඩි දියුණු කිරීම සඳහා ආරම්භ කරන ලද ‘මායා චිත්‍ර’ වැඩසටහන පසුගිය 15 (බදාදා) දින පවත්වනු ලැබීය.

රණක්‍ෂිතයට පත් රණවිරුවන්ට චිකිත්සාවක් ලෙස ආරම්භ කල මෙම වැඩසටහන ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයේ කලා උපදේශක එම්.ජී. රත්නසේන මහතා විසින් මෙහෙයවන ලදී. ‘අභිමංසල 1’ සුවතා නිකේතනයෙහි සේනාවිධායක බ්‍රිගේඩියර් කපිල චක්‍රවර්තී මෙම වැඩසටහන සිදුකරගෙන යාම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සලසා දුන් අතර, එතුමන් විසින් එම අවස්ථාවට පැමිණි ශ්‍රී ලංකා ජාතික අධ්‍යාපන ආයතනයේ කලා උපදේශකතුමන් පිළිගන්නා ලදී.