Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th March 2023 19:36:45 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට නව නිවාඩු නිකේතනයක්

අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානය වෙතින්‘මා ඔය‘අසබඩ පවත්වාගෙන යනු ලබන නිවාඩු නිකේතනයට පරිසර හිතකාමී 'Reverine Cabana' ඉදිකර ඇත.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාලගේ ආරාධනයකට අනුව පසුගිය සෙනසුරාදා (මාර්තු මස 4) දින පැවති මෙම නව නිවාඩු නිකේතනය විවෘත කිරීමේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරල් ප්‍රියන්ත ජයවර්ධන සහභාගී වූයේය. මෙම නව නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වජිර අමරසිරි ගේ ඍජු අධීක්‍ෂණය යටතේ සිදුකෙරිණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් පීත්ත පටිය කපා නව නිවාඩු නිකේතනය විවෘත කළේය. මෙම නව නිවාඩු නිකේතනයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ පුර්ණ වශයෙන් අධීක්‍ෂණය කිරීමෙන් අනතුරුව එහි ඉදිකිරීම් කටයුතුවලට දායක වූ සහ කෘෂිකාර්මික කටයුතුවල නිරතව සිටින භටපිරිස් වෙනුවෙන් රෙජිමේන්තු අධිපතිතුමන් සිය ප්‍රශංසාවන් පුදකරන ලදී.