Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th March 2023 23:43:56 Hours

‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් වෙනුවෙන් වැඩමුළුවක්

අත්තිඩිය ‘මිහිඳු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන් වෙනුවෙන් මාර්තු මස 21 සහ 22 දෙදින තුළ ‘මනෝවිද්‍යාත්මක උපදේශනාත්මක සහ කථන චිකිත්සාව හා රංග චිකිත්සාව’ මැයෙන් දෙදින වැඩමුළුවක් පැවැත්විණි.

මෙම වැඩමුළුව ‘ISU Counselling and Activity School and Mind Tales Foundation’ ආයතනයේ අධ්‍යක්‍ෂිකා ආචාර්ය සුලීශා පෙරේරා මහත්මිය විසින් මෙහෙයවනු ලැබීය. ‘මිහිඳු සෙත් මැදුර’ සේනාවිධායක බ්‍රිගේඩියර් තුෂාර බාලසූරිය මෙම වැඩමුළුවේ සාර්ථකත්වය වෙනුවෙන් අවශ්‍ය මාර්ගෝපදේශ ලබාදුන්නේය.