Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th October 2023 21:34:36 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව්හි භටපිරිස් ප්‍රදේශවාසීන්ගේ රසාස්වාදය උදෙසා සංගීත ප්‍රසංගයක් පවත්වයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මුලතිව් සහ 59 පාබල සේනාංකයේ භටපිරිස් සංවිධානයෙන් ප්‍රදේශ වාසීන්ගේ විනෝදාස්වාදනය උදෙසා සංගීත ප්‍රසංගයක් මුලතිව් වෙරළ තීරය පරිශ්‍රයේදී පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 30) දින පවත්වනු ලැබීය.

12 ශ්‍රී ලංකා පාබල හමුදාවේ සහ 3 ගජබා රෙජිමේන්තුවේ අධි රිද්ම සංගීත කණ්ඩායම් වල සහභාගීත්වයෙන් පැය 03 කට අධික කාලයක් පැවැත්වූ මෙම සංගීත ප්‍රසංගයේදී දමිළ සහ සිංහල බයිලා ගීත මෙන්ම නවතම ජනප්‍රිය බටහිර ගීතද ගායනා කරනු ලැබූ අතර, ඊට ‘සත් රංග’ නර්තන කණ්ඩායමද එක් වූහ.

සංගීත ප්‍රසංගය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ, 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.එස්. දේවප්‍රිය යූඑස්පී එන්ඩීසී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහභාගී වූ අතර, සංගීත ප්‍රසංගය නැරඹීම සඳහා ප්‍රදේශයේ විශාල ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියහ.