04th October 2023 21:38:31 Hours
එළඹෙන 74 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන් රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් සී.එස් මුණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අයිජි සහ 613 පාබල බලසේනාවේ බලසේනාවේ බලසේනාධිපති කර්නල් කේ.ඒ.ඩී.එන්.ආර් කන්නන්ගර, කඹුරුපිටිය, ‘අභිමංසල - 2’ සුවතා නිකේතනයෙහි නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ නිල සංචාරයක් පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින සිදුකරන ලදී.
පැමිණි සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පුනරුත්ථාපනය වන රණවිරුවන්ගේ සුවදුක් සහ අවශ්‍යතාවයන් පිළිබඳව විමසා ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද ප්රදානය කරමින් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කල අතර, යුද්ධ හමුදාධිපතිතුමන් වෙනුවෙන් යුද්ධ හමුදා සංවත්සරය සඳහා සුභ පැතුම්ද පිරිනමන ලදී.