Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th August 2023 22:49:51 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ පුහුණු දිනයට සමගාමීව දේශනයක් පැවැත්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ පුහුණු දිනයට සමගාමීව යුද්ධ හමුදා සාමාජිකයන්ගේ මානසික සුවපත්භාවය ඇතිකිරීමේ අරමුණින් උපදේශන මනෝවිශේෂඥ භාග්‍යා අබේසිංහ මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2023 අගෝස්තු මස 23 දින එම මූලස්ථාන පරිශ්‍රයේදී ‘ආතති කළමණාකරනය සඳහා ආදර ත්‍රිකෝණය හඳුනාගැනීම’ මැයෙන් දේශනයක් පැවැත්විණි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පි ආර්එස්පි ගේ සංකල්පයකට අනුව මෙම දේශනය සංවිධානය කෙරිණි. එහිදී, මත්ද්‍රව්‍ය, ආදරය යන මාතෘකා සම්බන්ධ කරගනිමින් සමීපත්වය, ආශාව සහ කැපවීම යන අංශ තුනක් යටතේ පවුල තුළ ශක්තිමත් පරිපූර්ණ සබඳතාවක් ගොඩනඟාගැනීම සම්බන්ධයෙන් පැවති මෙම දේශනය තේමා ගීත සහ සංගීතය භාවිතා කරමින් පවත්වන ලදී.

මෙම දේශනය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එන්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී, පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.