Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th August 2023 20:23:43 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ මානසික සුවතාවය වැඩිදියුණු කිරීම සඳහා වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා නිලධාරීන්ගේ සහ සෙසුනිලයින්ගේ මානසික සුවතාවය වැඩිදියුණු කිරීම සඳහා පනාගොඩ, එම බලකා ක්‍රීඩා පිටියේදී පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 10) දින විනෝදාස්වාදජනක වැඩසටහනක් සංවිධානය කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ. ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පීගේ උපදෙස් මත එහිදී ‘Four Wings’ සංගීත සැදෑවක් සහ එම බලකා ඒකකයන්හි ක්‍රිකට් කණ්ඩායම් සහභාගීත්වයෙන් එදින උදෑසන සුහඳ සැහැල්ලු පන්දු ක්‍රිකට් තරඟාවලියක්ද පැවැත්විණි.

වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.