Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th June 2023 14:10:43 Hours

ශ්‍රී ලංකා හමුදා නිලධාරීන් මාලි රාජ්‍යයේ සාකච්ඡාවන් අඛණ්ඩව සිදුකරයි

යුද්ධ හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩය - B1 කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් එස්.ඩබ්ලිව්.පී.එම්.එච්.ආර් සේනාධීර ආර්ඩබ්පිව්පී ආර්එස්පී පීඑස්සී මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිතාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ නැගෙනහිර කලාප අඥාපති බ්‍රිගේඩියර් ජෙනරල් හරේන්ද්‍ර ප්‍රතාක් (Brigadier General Harendra Pratak) සහ 2023 සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ නව B1 කණ්ඩායම යෙදවීමට නියමිත ඊජිප්තු කඳවුරෙහි සැපයුම් අංශ ප්‍රධානී ආශා කිං මහත්මිය (Ms Asha Kin) සමඟ පසුගිය අඟහරුවාදා (27) දින සුහද සාකඡ්චාවක් පවත්වනු ලැබීය.

සංචාරයේ දෙවන දිනයේදී එතුමන් මෙරට භටපිරිස්වල නවාතැන් පහසුකම්, භූමියේ ඇති දුෂ්කරතා සහ අනෙකුත් සැපයුම් අවශ්‍යතා නිරීක්‍ෂණය කළ අතර, පැමිණ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟින්ද අදහස් හුවමාරු කරගන්නා ලදී.

මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහ කර්නල් එස්.ඩබ්ලිව්.පී.එම්.එච්.ආර් සේනාධීර ආර්ඩබ්පිව්පී ආර්එස්පී පීඑස්සී සැප්තැම්බර් මාසයේදී රාජකාරි භාර ගැනීමට නියමිත සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ B1 කණ්ඩායම (CCC-B1) රාජකාරියෙහි යෙදවීම පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ. එතුමන් සමඟින් එක්වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන් ද එහිදී ගාඕ හි (Gao) රාජකාරි කරනු ලබන 4 සංග්‍රාමික රථ ආරක්‍ෂක භට ඛණ්ඩයේ භටපිරිස් සමගින් සුහඳව අදහස් හුවමාරු කර ගත්තේය.