14th June 2023 18:40:31 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකාය (UNIFIL) විසින් සංවිධානය කරන ලද බැඩ්මින්ටන් තරඟාවලියක් ජූනි මස 05 - 09 යන දිනයන්හිදී පැවැත්විණි. එහිදී මූලස්ථාන බලකා ආධාරක ඒකකයේ (FHQSU) ශ්‍රී ලංකාවේ මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ (SLFPC) කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම ලෙබනනයේ Naqoura හි එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ඉන්දුනීසියානු කාන්තා බැඩ්මින්ටන් කණ්ඩායම සමඟ පැවති Rub Hall විවෘත කාන්තා යුගල ඉසව්වේ දෙවන ස්ථානය දිනා ගන්නා ලදී. තරඟාවලියේදී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායෙහි මෙරට 14 වන ආරක්‍ෂක භටකණ්ඩායමේ සේවයේ නියුතු මේජර් ඩී.එස්.ඒ දොලවත්ත සහ කෝප්‍රල් ජේ.ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්.යූ බණ්ඩාර තරඟාවලියේ යුගල අංශයේ දෙවන ස්ථානය ජයග්‍රහණය කළහ.
තරඟාවලිය සඳහා ඉන්දුනීසියාව, ඉන්දියාව, මැලේසියාව, චීනය, නේපාලය, ප්‍රංශය, ඝානාව, සැම්බියාව සහ පෝලන්තය යන රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සමඟින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිමි කේවල, පිරිමි යුගල, කාන්තා ඒකල සහ කාන්තා යුගල යන කාණ්ඩ යටතේ තරඟ කරමින් ජයග්‍රහණය කිරීමට සමත් විය. මූලස්ථාන බලකා ආධාරක ඒකකය සහ ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සුභසාධන සහ විනෝදාස්වාද කමිටුව එක්ව ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ සේවය කරන සියලුම විදේශීය හමුදාවන් සහභාගීකරවා ගනිමින් මෙම විවෘත බැඩ්මින්ටන් තරඟාවලිය සංවිධානය කරන ලදී. උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ලෙබනනයේ මූලස්ථාන බලකා ආධාරක ඒකකයේ කර්නල් එස්රා නතානෙල් (Colonel Ezra Nathanael) සියලුම ජයග්‍රාහකයින් සඳහා කුසලාන, පදක්කම් සහ සහතිකපත් ප්‍රදානය කරන ලදී.