20th June 2023 19:50:23 Hours
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් (Brigadier General Chok Bahadur Dhakal) 2023 ජූනි මස 06 දින ලෙබනනයේ නකූරා ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත නිල සංචාරයක නිරත විය. සංචාරයේ නිරත බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් වෙත ප්‍රධාන දොරටුව අභියසදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී.පී.එල්.ටී. කළුඅග්ගල ආර්එස්පි යූඑස්පී අයිජී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
සංචාරයේ නිරත බ්‍රිගේඩියර් ජෙනරල් චොක් බහදූර් ධකාල් භටපිරිස් ආමන්ත්‍රණයෙන් අනතුරුව, සුහද අදහස් හුවමාරුවක ද නිරත වූවේය. පසුව, ‘Sri House’ පරිශ්‍රයේදී සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විණී. එහිදී, ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමට අයත් සුනඛයන්ගේ හැකියාවන් විදහා දක්වන සුනඛ සංදර්ශනයක් ද පැවැත්විණි. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිතුමන් එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම වෙත සිය සුභාෂිංසන පුදකළ අතර, මෙම සංචාරය සනිටුහන් කරමින් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය. මෙම අවස්ථාව සඳහා 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ සියලුම නිලධාරින් සහ සෙසුනිලයන් ද සහභාගී වූහ.