Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th February 2024 16:10:39 Hours

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නියෝජ්‍ය බලකාධිපතිතුමන් මෙරට සාම සාධක භටපිරිස්හි සේවය අගයයි

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ නියෝජ්‍ය බලකාධිපති (DFC) මේජර් ජෙනරල් චොක් බහදූර් ධකාල් (Major General Chok Bahadur Dhakal ) පසුගියදා බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 22) දින ග්‍රීන්හිල් හි පිහිටි 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම් කඳවුරෙහි නිල සංචාරයක නිරත විය.

කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල ආර්එස්පී යුඑස්පී අයිජි විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතරුව භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී.

මෙහිදී එතුමන් පසුගිය මාස තුනක කාලය තුළදී භටපිරිස් විසින් ඔවුන්ගේ විවේක කාලය තුළ පවත්වන ලද ‘නිපුණතා සංවර්ධන වැඩසටහන’ මගින් සිදු කරන ලද කාර්යයන් සහ ක්‍රියාකාරකම් නැරඹීම සිදුකරන ලදී. එහිදී, ඔවුන් හැදෑරූ පාඨමාලාවේ සැලසුම් සහ තොරතුරු තාක්‍ෂණ කුසලතා පිළිබඳ අවබෝධයක් ලබා දීම සඳහා ‘මූලික ග්‍රැෆික් නිර්මාණ පාඨමාලාව’ හැදෑරූ භටපිරිස් විසින් නිර්මාණය කරන ලද ‘ඡායාරූප පුවරුව’ ද මේජර් ජෙනරල් චොක් බහදූර් ධකාල් වෙත ඉදිරිපත් කරන ලදී.

මේජර් ජෙනරල් චොක් බහදූර් ධකාල්, පිරිස අමතමින් අභියෝගාත්මක පරිසරයක ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ භටපිරිස් ඔවුන්ගේ වසරක රාජකාරි කාලසීමව තුලදී කැපවීමෙන් සිදුකරනු ලැබූ සේවය අගය කරමින් රාජකාරීන් නිමාකර මාර්තු මාසයේදී මෙරටින් නික්ම යන භටපිරිස් වෙත සිය සුබ පැතුම් පිරිනැමීය.

‘නිපුණතා සංවර්ධන වැඩසටහන’ මඟින් ‘Adobe Photoshop මූලික ග්‍රැෆික් නිර්මාණ පාඨමාලාව’ (13) සහ ‘මූලික මෝටර් රථ තාක්‍ෂණ වැඩමුළුව’ (15) සාර්ථකව නිම කළ අයවළුන් සඳහා සහතිකපත් ප්‍රදානය කරමින් සමාප්ති දේශනය සිදුකරනු ලැබීය. එම සහතිකපත් අණදෙන නිලධාරීතුමන් සහ පාඨමාලා භාර නිළධාරීන් විසින් ප්‍රදානය කරන ලදී. මෙම වැඩසටහන තොරතුරු තාක්‍ෂණය, මෝටර් රථ තාක්‍ෂණය, මෝටර් රථ විදුලි පද්ධතිය සහ මෝටර් රථ තීන්ත ආලේපන තාක්‍ෂණය පිළිබඳව දැනුම වර්ධනය කිරීමේ අරමුණින් පවත්වනු ලැබීය.