11th January 2024 20:13:13 Hours
ලෙබනනයේ 14 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරී කර්නල් ඩී.පී.අයි.ටී. කළුඅග්ගල ආර්එස්පී අයිජී සහ දෙවන අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ඩබ්ලිව්.ඩී.එස්.එස්. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී අයිජී පසුගිය සිකුරාදා (දෙසැම්බර් මස 29) දින, ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා සේවා බෙදාහැරීමේ කළමනාකරණ මූලස්ථානයේ ප්‍රධාන කළමණාකාර රාජේෂ් චඩා මහතා (Mr. Rajesh Chadha) හමුවිය.
මෙම සුහද හමුවේදී, ද්වීපාර්ශවීය වශයෙන් කණ්ඩායම් අතර සැපයුම් කටයුතු සඳහා භටපිරිස් දක්වන දායකත්වය සහ අනාගතයේදී බලඇණි සඳහා භටපිරිස් වැඩි ප්‍රමාණයක් අනුයුක්ත කිරීමට ඇති හැකියාව පිළිබඳවත් කරුණු සාකච්ඡා කෙරිණි.
සුහද හමුව සමාප්තියේදී, සමරු තිළිණ හුවමාරුක්ද සිදුකෙරිණි.