Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th April 2023 20:55:13 Hours

යුද්ධ හමුදා යුද විද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවය සාර්ථකව අවසන්

ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා අංක - 07, කනිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා අංක - 26 සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක- 23 හි ප්‍රථම මාස තුනෙහි උපාධි ප්‍රදානෝත්සවය 2023 අප්‍රේල් මස 8 දින බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බුත්තල යුද්ධ හමුදා යුද විද්‍යාලයේ සේනාවිධායක බ්‍රිගේඩියර් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගි විය. එහිදී, ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා අංක - 07 හි ශිෂ්‍ය නිලධාරින් 33 දෙනෙකුගෙන් සමන්විත නිලධාරින් 130 දෙනෙක්, කනිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලා අංක - 26 හි ශිෂ්‍ය නිලධාරින් 71 දෙනෙක් සහ කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලා අංක- 23 හි ශිෂ්‍ය නිලධාරින් 26 දෙනෙකු සහතිකපත් ලබා විසිරගියහ.

පාඨමාලාවන් තුලදී ඉහළ ස්ථානයන් හිමිකරගනිමින් සේනාවිධායකතුමන්ගේ විශේෂ සම්මාන හිමිකරගත් ශිෂ්‍ය නිලධාරින් පහතින් දැක්වේ:

ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ටී.ආර්. වීරසිංහ ආර්ඩබ්ලිව්පී යූඑස්පී පීඑස්සි

දෙවන ස්ථානය - සන්නද්ධ බුද්ධි බලකායේ මේජර් ඩී.අයි. ජයතුංග ආර්එස්පී පීඑස්සි අයිඑස්සී

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජී.ඒ.එම්.එන්.ඒ. සමරකෝණ් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සි

කනිෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් කේ.ඩී.එස් සිල්වා

දෙවන ස්ථානය - ශ්‍රී ලංකා පාබල හමුදාවේ මේජර් ජී.ඒ.ඒ.ඩී. ගල්කන්ද

තෙවන ස්ථානය - ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් එම්.එස්.ජී. පීරිස්

කනිෂ්ඨ මාණ්ඩලික නිලධාරි පාඨමාලාව

ප්‍රථම ස්ථානය - ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් කේ.පී කළුආරච්චි

දෙවන ස්ථානය - කමාන්ඩෝ බලකායේ ලුතිනන් ටී.එම්.සී.එම්.බී තෙන්නකෝන්

තෙවන ස්ථානය - විශේෂ බලකායේ කපිතන් ජී.ජී.කේ.අයි.එස්. ගුණසේකර