Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st April 2023 21:50:47 Hours

පුත්තලම ආධුනික පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලාව අංක - 99 සාර්ථකව අවසන්

පුත්තලම ආධුනික පුහුණු පාසලේ ආධුනික පුහුණු පාඨමාලා අංක - 99 සාර්ථකව හැදැරූ ආධුනික සෙබළුන්ගේ විසිර යාමේ පෙළපාලිය අප්‍රේල් මස 8 වන දින එම පුහුණු පාසල් සරඹ භූමියේදී පුත්තලම ආධුනික පුහුණු පාසලේ සේනාවිධායක, ලුතිනන් කර්නල් ජේ. ඩබ්ලිව්.එම්. එම්. බී ජයකොඩි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

පාඨමාලාවේ අවසන් පරීක්‍ෂණයන් සඳහා මාස හයක් පුරා පැවැති ආධුනික පුහුණු පාඨමාලාව සාර්ථකව හැදෑරු ආධුනක සෙබළුන් 31 දෙනෙකු සහභාගී වූහ.

ආධුනික පුහුණු පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර සෙබලාට හිමි සම්මානය දිනාගැනීමට ආධුනික සෙබල බී. කේ. ඒ. එන්. පී‍. ජයරත්න සමත් විය. ආධූනික සෙබල එච්. ඒ. එම්. පී. හෙට්ටිආරච්චි හොඳම සෙබලාට හිමි සම්මානය දිනාගත්තේය. හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබලාට හිමි සම්මානය ආධූනික සෙබල ඩබ්ලිව්. එම්. වයි. මධුෂාන් දිනාගැනීමට සමත්විය. ඔවුන් වෙත ආධුනික පුහුණු පාසලේ සේනාවිධායක විසින් විශේෂ සම්මාන ප්‍රදානය කරන ලදී.

ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ ආධුනික සෙබළුන්ගේ දෙමාපියන් විසිර යාමේ පෙළපාලිය දැක බලා ගැනීම සඳහා පැමිණ සිටියහ.