Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th July 2023 21:38:33 Hours

රණවිරු සම්පත් කේන්ද්‍රයේ පැවැති පාඨමාලාවන් නිමකළ කොමිෂන් නොලත් නිලධාරීන් 85 වෙත සහතික පත් ප්‍රදානය කෙරේ

පරිගණක මෘදුකාංග පාඨමාලාව, භූමි අලංකරණ තාක්ෂණ ශිල්පී පාඨමාලාව, පරිගණක යෙදුම් සහකාර පාඨමාලා, ඇලුමිනියම් පිළිසකර කිරීමේ පාඨමාලාව, ත්‍රිරෝද රථ සහ මෝටර් බයිසිකල් අළුත්වැඩියා කිරීමේ පාඨමාලාව වැනි මාස 6ක් පුරා පැවැත් වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරූ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා සහතිකපත් පිරිනැමිමේ උත්සවය ජූනි මස 28 දින රණවිරු සම්පත් මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

සහතික පත් ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එස්.සී ඒකනායක ආර්එස්පී සහභාගී විය.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ සම්බන්ධතාවයෙන් යුතුව මාස 6ක් පුරා පැවැති මෙම පාඨමාලාවන් සඳහා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු නියෝජනය කරමින් කොමිෂන් නොලත් නිලධාරීන් 85 දෙනෙකු සහභාගී වූහ.

සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, උපදේශකවරුන් සහ සෙසු නිලයන් පිරිසක් සහභාගි වූහ.