2023-09-21 14:01:40
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පුහුණු අධ්යක්ෂ මණ්ඩලය සහ නීති සේවා අධ්යක්ෂ මණ්ඩලය එක්ව රාජකාරියේදී දැනුවත්ව සිටිය යුතු නීතිමය කරුණු සබැඳිව යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන්ගේ දැනුවත් කිරීමේ වැඩසටහනක් බදාදා (20) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසල් ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීය.
2023-09-20 21:08:25
අම්පාර ප්‍රදේශයේ ස්ථාපිත සටන් පුහුණු පාසල් පරිශ්‍රයේ කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් පැවැත්වූ ‘නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 51’ හි සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-09-20 20:59:22
යුද්ධ හමුදා විනයාරක්ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සීගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ විමර්ශන ඒකකයේ...
2023-09-19 17:46:10
රණක්ෂිතයට පත්ව දිවයින පුරා ස්ථාපිත යුද්ධ හමුදා සුවතා නිකේතනයන්හි සුවය ලබමින් සිටින රණවිරුවන් 11 දෙනෙකුගේ නිර්මාණාත්මක කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සැප්තැම්බර් මස 13 සහ 14 දෙදින තුළ අත්තිඩිය ‘මිහිඳු සෙත් මැඳුර’ සුවතා නිකේතනයේදී ‘පෝසිලේන් පින්තාරු කිරීම’ සබැඳිව අධ්‍යයන සැසියක් පැවැත්විණි.
2023-09-19 16:29:25
හමුදා සාමාජිකයන්ගේ ධෛර්යය සහ අභිප්‍රේරණය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘තෘප්තිමත් සහ නිර්භීත හමුදාව’ මැයෙන් වැඩමුළුවක් 2023 සැප්තැම්බර් මස 15 වන සිකුරාදා දින කිලිනොච්චිය ප්‍රදේශයේ ස්ථාපිත 1 බලකා මූලස්ථානයේ පිහිටි ‘නෙළුම් පියස’ බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
2023-09-17 20:13:36
අම්පාර සටන් පුහුණු පාසල මඟින් පැවැත්වූ ‘ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 68’ 2023 ජුලි මස 21 දින ආරම්භ වී මාස දෙකකට ආසන්න කාලයක් පැවිත්වීමෙන් අනතුරුව පසුගිය සිකුරාදා (සැප්තැම්බර් මස 15) දින සාර්ථකව අවසන් විය. යුද්ධ හමුදාවේ සියලුම රෙජිමේන්තු නියෝජනය කරමින් සෙසුනිලයින් 164 දෙනෙකු මෙම පාඨමාලාව සඳහා සහභාගී වූ අතර, පාඨමාලාවේ දක්ෂතම ශිෂ්‍යයා ලෙස 15 ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ සාමාන්‍ය සෙබළ කේ.ඒ.එන්.ඩී විජේසිංහ සම්මාන ලැබීය.
2023-09-15 18:17:06
බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත බන්ධනාගාර නිලධාරීන් සඳහා දින 16 ක ‘බන්ධනාගාර නියාමක සංස්කරණ’ පාඨමාලාවක් අම්පාර - සටන් පුහුණු පාසල මගින් පසුගියදා පවත්වන ලදී.
2023-09-14 20:21:55
කුකුළේගඟ, ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනය මගින් 2023 අගෝස්තු මස සිට සැප්තැම්බර් මස දක්වා පවත්වනු ලැබූ මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උසස් පාඨමාලාව - අංක 26 පසුගිය අඟහරුවාදා දින (සැප්තැම්බර් 12) පැවති උත්සවයේදී සාර්ථකව අවසන් කරන ලදී.
2023-09-13 20:36:42
විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් වෙනුවෙන් මාස හයක් පුරා පැවැත්වීමට නියමිත ‘Artificer’ පාඨමාලාව සඳහා සුදුසුකම් සපුරාලීමේ කාර්මික කළමණාකරන ඩිප්ලෝමා පාඨමාලාවේ සමාරම්භක උත්සවය පසුගිය සඳුදා (සැප්තැම්බර් මස 11) දින ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා කොරියානු ජාතික වෘත්තීය පුහුණු ආයතනයේදී පැවැත්විණි.
2023-09-13 20:31:31
ශ්‍රී ලංකාවේ කාර්මික ස්වයංක්‍රීයකරණය, ද්‍රව්‍ය හැසිරවීම සහ සම්පීඩිත වායු විසඳුම් සපයන ප්‍රමුඛතම සැපයුම්කරුවෙකු වන ‘Matrix (Pvt) Ltd’ ආයතනය විසින් ඉකුත් බදාදා (සැප්තැම්බර් මස 6) දින කොළඹ රේණුකා හෝටල් පරිශ්‍රයේදී ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ නිලධාරීන් 15 දෙනෙකු සඳහා එම ආයතනයේ නිෂ්පාදනයන් පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.