Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

15th July 2023 18:27:39 Hours

‘ක්‍රීඩාව සඳහා පෝෂණය’ පිළිබඳව යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂක මණ්ඩලය විසින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා සංවිධානය කරන ලද ‘ක්‍රීඩාව සඳහා පෝෂණය’ යන තේමාව යටතේ හරවත් අධ්‍යාපනික සැසියක් පසුගිය සිකුරාදා (ජූලි මස 14) දින පනාගොඩ යුද්ධ හමුදා ශාරීරික අභ්‍යාස පුහුණු පාසලේදී පැවැත්විණි.

ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත සංවිධානය කරන ලද මෙම අධ්‍යාපනික සැසිය සඳහා ගල්කිස්ස හෝටලයේ සූපවේදී සහ ප්‍රවර්ධන කටයුතු අධ්‍යක්ෂ දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා මහතා විසින් මෙහෙයවන ලදී. යුද්ධ හමුදාව නියෝජනය කරමින් යුද්ධ හමුදාවේ සෑම ක්‍රීඩා සමාජයකම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1000 කට අධික සංඛ්‍යාවක් සහභාගී වූහ.

සැසිය අතරතුර, සහභාගී වූවන් සඳහා ප්‍රශ්නෝත්තර සාකච්ඡා කිරිමට ද අවස්ථාව හිමිවිය. සැසිය අවසානයේදී බ්‍රිගේඩියර් පී.ඒ.එම් පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් දේශබන්දු ආචාර්ය පබිලිස් සිල්වා මහතා වෙත විශේෂ සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.