Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th July 2023 21:09:34 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන් වෙනුවෙන් වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ සේවයේ නියුතු අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් වෙනුවෙන් ‘සිවිල් පරිපාලනයට හමුදා සහය’ මැයෙන් දෙදින වැඩමුළුවක් ජුලි මස 27 සහ 28 යන දෙදින තුළ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම වැඩමුළුවේදී, සිවිල් පරිපාලනයට හමුදා සහාය (අණදෙන නිලධාරීන්ගේ වගකීම්), ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පරිපාලනය සහ ප්‍රවාහනය, අණදෙන නිලධාරීන්ගේ වගකීම් සහ මානව කළමනාකරණය, සමාජ ගැටළු/ මත්ද්‍රව්‍ය භාවිතය සහ සෙබළුන් සඳහා උපදේශනය සහ ශ්‍රී ලංකාවේ පවතින සුබසාධන ක්‍රියාමාර්ග පිළිබඳව ද දැනුවත් කෙරිණි.

වැඩසටහන අතරතුර පැවති ‘Diners' Club’ සැසියේදී ‘නීතිය ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා පොලිසියට යුද්ධ හමුදාවේ සහාය’ තේමාව ඔස්සේ දේශනයක් පවත්වන ලදී.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආචාර්ය අජිත් රෝහණ මහතා ආරාධිත දේශකයා වශයෙන් සහභාගී වූ ‘Diners' Club’ සැසිය සඳහා 24 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් ද සහභාගී වූහ.

මෙම දෙදින වැඩමුළුව 24 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්. චන්ද්‍රසිරි ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ අධීක්‍ෂණය යටතේ පවත්වන ලද අතර, ඒ සඳහා අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිළධාරීන් 48 දෙනෙකු සහභාගී වූහ.