2023-10-17 22:54:59
‘Scientific Adaptation of the Human Body to Exercise’ තේමාව ඔස්සේ ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය සේවයේ නියුතු භටපිරිස් දැනුවත් කිරීමේ දේශන මාලාවක් 2023 ඔක්තෝබර් මස 13 සිට 15 දින දක්වා එම ආරක්ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-10-17 22:47:37
කොමිෂන් නොලත් නිලධාරින් වෙනුවෙන් අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ජ්‍යෙෂ්ඨ නායකත්ව සහ වෘත්තීය ප්‍රවර්ධන පාඨමාලා අංක - 47 හි සහතිකපත් ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 13) දින පැවැත්විණි.
2023-10-09 11:52:47
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සෙබළුන්ගේ හමුදා දැනුම සහ සාමාන්‍ය දැනුම ඉහළ නැංවීමේ අරමුණින් විධායක ජෙනරාල් ශාඛාව මගින් සෙසු නිලයින් සඳහා පවත්වන ලද ප්‍රශ්න - පිළිතුරු තරඟය යුද්ධ හමුදා මූලස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් මස 05) දින පැවැත්විණි.
2023-10-08 21:27:19
56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී ගේ උපදෙස් මත එම සේනාංකය යටතේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් වෙනුවෙන් කනගරායන්කුලම්, පලිනගර් ප්‍රදේශයේ පිහිටි 10 ශ්‍රී ලංකා පාබල හමුදා කඳවුරු පරිශ්‍රයේදී පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින දැනුම සහ සන්නිවේදන කුසලතා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය.
2023-10-08 21:18:19
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම මඟින් පවත්වන ලද ‘ක්ෂණික විහිදුම් යතුරු පැදි කණ්ඩ’ පාඨමාලාව පසුගිය අඟහරුවාදා (ඔක්තෝම්බර් මස 03) දින එම ආරක්ෂක සේනා මූලස්ථානයේදී සමාප්තියට පත් විය.
2023-10-06 22:00:21
බදාදා පුහුණු දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ උපදෙස් අනුව එම බලසේනාවේ යුද්ධ හමුදා සාමාජිකයන් සඳහා ‘එරික් එරික්සන් සිද්ධාන්තය සමඟ ජීවිතය’ යන තේමාව යටතේ දේශනයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලකාසේනා බහුකාර්ය ශාලාවේදී පසුගිය බදාදා (සැප්තැම්බර් මස 27) දින පැවැත්විණි.
2023-10-03 21:25:35
බදාදා පුහුණු දිනයට සමගාමීව කපිතන් ඒ.ඒ.සී.පී.කේ පේදුරුආරච්චි විසින් පනාගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා 2 (ස්වෙච්ඡා) පොදු සේවා බලකායේදී එම ඒකකයේ භටපිරිස් සඳහා ‘තෘප්තිමත් යුගදිවියක්’ යන මාතෘකාව යටතේ හරවත් දේශනයක් සැප්තැමිබර් මස 27 (බදාදා) දින පවත්වන ලදී.
2023-10-01 18:48:38
ආරක්ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 55 පාබල සේනාංකයේ පුහුණු දිනය වෙනුවෙන් එම සේනාංකයේ භටපිරිස් දැනුවත් කිරීමේ අරමුණින් ‘පතල් සහ ඛණිජ ද්‍රව්‍ය පනත’ පිළිබඳව හරවත් දේශනයක් පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 26) දින 55 පාබල සේනාංක ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
2023-09-25 07:17:55
මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේදී ශිෂ්‍ය නිලධාරින් 90 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවති තරුණ නිලධාරින්ගේ පාඨමාලා අංක - 68 පසුගිය බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් මස 21) දින සාර්ථකව අවසන් විය.
2023-09-21 22:12:45
ආරක්ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත පොම්පේමඩු බළඇණි පුහුණු පාසලේදී පැවති විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලා අංක - 06 පසුගිය බදාදා (20) දින එම පුහුණු පාසල් පරිශ්‍රයේදී සාර්ථකව අවසන් විය.