19th November 2023 21:48:25 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාව වෙතින් විවිධ කාලීන විෂයයන් පිළිබඳ පුහුණු සැසි පැවැත්වීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර 2023 නොවැම්බර් මස 15 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී පැවැත්විණි.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යූඑස්පි ආර්සීඩීඑස් පීඑස්සී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී මෙම සැසියට සහභාගී වූහ.
19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලසේනාවේ භටපිරිස් විසින් ‘ශ්‍රී ලංකාවේ බලශක්ති අර්බුදයට විසඳුමක් ලෙස සූර්ය බලශක්තිය සංවර්ධනය කිරීම’ තේමාව ඔස්සේ මෙම ඉදිරිපත් කිරීම සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා සහභාගී වූ සම්භාවනීය අමුත්තන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් පුහුණු කර්නල් ටී.ඒ.බී.ආර්. ප්‍රනාන්දු විසින් පිළිගන්නා ලදී.
19 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් පී.එස්.ආර්. පෙරේරා ප්‍රමුඛ මේජර් ආර්.එච්. ජයසිංහ, මේජර් එච්.ඒ.කේ.පී. පලීපාන පීඑස්සී, කපිතන් ඩී.ජී.කේ.එස්. දෙණියේගෙදර සහ කපිතන් එම්.පී.පී.යූ. මුතුනායක විසින් මෙම ඉදිරිපත් කිරීම සිදුකරනු ලැබීය.
විද්‍යූත් මාධ්‍ය ඉදිරිපත් කිරීම සමාප්තියේ ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත්විමෙන් පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ඉදිරිපත් කිරීමේ කුසලතා සහ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ උත්සාහයන් ඇගයීමට ලක්කළේය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේවයේ නියුතු නිලධාරීන් හැටහත් දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි වූ අතර ස්වේච්ඡා බලඇණිවල සේවයේ නියුතු නිලධාරීන් රැසක් මෙම විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත් කිරීම සඳහා මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සහභාගී වූහ.