2023-11-07 05:35:02
ආරක්ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත පාබල සේනාංක, පාබල බලසේනා සහ ඒකකයන්හි ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා නායකත්ව පුහුණු වැඩමුළුවක්...
2023-11-07 05:31:38
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත ඒකකයන්හි අණදෙන නිලධාරීන්, දෙවන අණදෙන නිලධාරීන් සහ මාණ්ඩලික නිලධාරීන් සඳහා දින 02 ක වැඩමුළුවක්...
2023-11-04 22:43:36
ආරක්ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර යටතේ ස්ථාපිත 22 පාබල සේනාංකයට අයත් බලසේනා සහ ඒකයන්හි සෝදිසි සහ මුදවා ගැනීමේ කණ්ඩායම් නියෝජනය කරමින් සෙසු නිලයින් 30 දෙනෙකු සඳහා විශේෂ මූලික මෝටර් බෝට්ටු හැසිරවීමේ පුහුණු පාඨමාලාවක් 7 ක්ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ සහාය ඇතිව ඔක්තෝම්බර් මස 23 සිට දින සිට 31 දින දක්වා පවත්වන ලදී.
2023-11-03 20:49:46
අම්පාර සටන් පුහුණු පාසලේ පැවති ‘කනිෂ්ඨ උපදේශක පාඨමාලාව - අංක 102 හි විසිර යාමේ පෙළපාලිය ප්‍රධානෝත්සවය පසුගිය සිකුරාදා (ඔක්තෝබර් මස 27) දින එම පාසලේදී පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අම්පාර, සටන් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ආර්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී විය.
2023-11-02 19:57:59
කලත්තෑව, සන්නාහ සන්නද්ධ බළකා පුහුණු මධ්‍යස්ථානය මගින් ඔක්තෝම්බර් 16 - 20 යන දිනයන්හිදී ‘Par Excellence’ වැඩමුළුවක් පවත්වන ලදී.
2023-10-27 08:50:10
ඉදිරියේදී පැවැත්වෙන ‘මිත්‍ර ශක්ති යුද අභ්‍යාස 9’ සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් සහභාගී කරවීම සඳහා පැවැත්වෙන අවසන් සැලසුම් සම්මන්ත්‍රණය ඔක්තෝබර් මස 19 සිට 21 දින දක්වා කාලය තුළ ඉන්දීය හමුදාවේ පූනේ ප්‍රදේශයේ ස්ථාපිත 330 පාබල බලසේනා මූලස්ථානයේ පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා අධ්යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.
2023-10-27 08:15:33
16 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරින් 9 දෙනෙකු සහ සෙසුනිලයන් 303 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පැවැත්වුණු බලඇණි පුහුණු පාඨමාලාව 2023 සැප්තැම්බර් මස 4 සිට ඔක්තෝබර් මස 24 දින දක්වා ගල්කුලම බලඇණි පුහුණු පාසලේදී පැවැත්විණි.
2023-10-26 07:08:04
අම්පාර සටන් පුහුණු පාසල් පරිශ්‍රයේදී 2023 සැප්තැම්බර් මස 30 දින ආරම්භ වූ ඉගැන්වීමේ ක්‍රමවේදය පාඨමාලා අංක - 69 සති තුනක කාලසීමාවක් පුරාවට පැවැත්වීමෙන් අනතුරුව එහි සමාප්ති උත්සවය පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 24) දින එම පාසල් පරිශ්‍රයේදී පැවැත්විණි.
2023-10-21 22:19:03
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ වෛද්‍ය උපකරණ සැපයුම් ආයතනයක් වන ‘Technomedics International (Pvt) Ltd’ සමගින් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු අධ්‍යක්ෂක මණ්ඩලයේ ජීව වෛද්‍ය ඉංජිනේරු නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසුනිලයින් 18 දෙනෙකු සඳහා එක්දින වැඩමුළුවක් පසුගිය බදාදා (ඔක්තෝබර් මස 18) දින එම ආයතන ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය.
2023-10-21 22:17:05
54 පාබල සේනාංකය සහ ඒ යටතේ ස්ථාපිත බලසේනා සහ ඒකකයන්හි නිලධාරීන් සඳහා එම සේනාංක පරිශ්‍රයේ ‘Diners' club’ වැඩමුළුවක් පසුගිය අඟහරුවාදා (ඔක්තෝබර් මස 17) දින පැවති අතර, එහිදී ‘What People Expect from Military’යන මාතෘකාව යටතේ අධ්‍යාපනික සැසියක් පවත්වනු ලැබීය.