Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

26th February 2024 13:24:11 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් යුද්ධ හමුදා නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය මූලිකත්වයෙන් ‘යුද්ධ හමුදා පනත සහ යුද්ධ හමුදා නීතිය’ පිළිබඳ භටපිරිස් දැනුවත් කිරීම අරමුණු කරගනිමින් 2024 පෙබරවාරි මස 20 සහ 21 දෙදින තුළ වැඩමුළුවක් පැවැත්වීය.

ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩමුළුවේදී කර්නල් නීති කර්නල් කුරුප්පු යූඑස්පී ප්‍රමුඛ නීති නිලධාරින් විසින් වත්මන් නීතිමය ගැටළු පිළිබඳ දැනුවත් කෙරිණි.

මෙම වැඩමුළුව සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත සේනාංක, බලසේනා සහ ඒකකයන් නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.