Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

04th March 2024 12:49:49 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරින් සඳහා වන 2024 ප්‍රථම පුහුණු දින වැඩසටහන සාර්ථකව අවසන්

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.එම්. ප්‍රනාන්දු ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 පළමු කාර්තුව සඳහා වන නිලධාරී පුහුණු දිනය සහ ‘Diners’ Club’ වැඩසටහන 2024 පෙබරවාරි මස 21 දින පැවැත්විණි.

නිලධාරින්ගේ වෘත්තීමය හැකියාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් පැවති පුහුණු දින වැඩසටහන වෙනුවෙන් එම බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

නිලධාරින් සතු කුසලතාවයන් සහ දැනුම වැඩිදියුණු කිරීමේ අරමුණින් පැවති මෙම වැඩසටහන අධ්‍යාපනික දේශන, ශාරීරික පුහුණුව සහ අසි සරඹ පුහුණුව ඇතුළු අංගයන්ගෙන් සමන්විත විය.

උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එදින සන්ධ්‍යාවේ ‘Diners’ Club’ වැඩසටහන පැවති අතර එහිදී, ‘Neuro-Linguistic Programming’ සහ ‘Mind Muscle Vibration Therapy’ තේමාවන් පිළිබඳ හරවත් දේශණයක් පවත්වනු ලැබීය. නායකත්ව සහ පෞරුෂ පුහුණු විශේෂඥ, ආචාර්ය කුමා ඉද්දමල්ලෙන මහතාගේ මූලිකත්වයෙන් මෙම දේශනය පවත්වන ලදී.

මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් පී.ආර්. පතිරවිතාන යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී විසින් ආරාධිත කථිකාචාර්ය, ආචාර්ය කුමා ඉද්දමල්ලෙන ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපතිතුමන්ගේ අධීක්‍ෂණය හා එම බලසේනා කාර්යය මණ්ඩලයේ සම්බන්ධීකරණය මත මෙම පුහුණු දින වැඩසටහන සාර්ථකව පැවැත්වීය.