Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th February 2024 18:31:21 Hours

22 පාබල සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් පැවති දමිළ භාෂා පාඨමාලාව සාර්ථකව අවසන්

22 පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පැවති දමිළ භාෂා පාඨමාලා අංක 1/23 හි සමාප්ති උත්සවය එම සේනාංක මුලස්ථානයේදී 2024 පෙබරවාරි මස 22 දින පැවැත්විණි. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහභාගී විය.

මාසයක කාලසීමාවක් පුරාවට පැවති මෙම දමිළ භාෂා පාඨමාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයන් 50 දෙනෙකු සහභාගි වූහ.