Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

28th February 2024 11:52:28 Hours

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, රාජකාරියෙහි නියුතු නිලධාරීන්ගේ නිල උසස්වීම් විභාගය සඳහා සංස්කරණ පාඨමාලාවක්

2024 වර්ෂයේ කපිතන් සිට මේජර් දක්වා නිල උසස්වීම් විභාගය ඉලක්ක කර ගනිමින් එම බලප්‍රදේශයේ රාජකාරියෙහි නියුතු නිලධාරීන් 75 දෙනෙකුට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 19 දින සිට 25 දින දක්වා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි, මූලස්ථාන පරිශ්‍රයේදී සංස්කරණ පාඨමාලාවක් පවත්වන ලදී.

පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි විසින් සංවිධානය කරන ලද මෙම සංස්කරණ පාඨමාලාව එම ක්‍ෂේත්‍රය පිළිබඳව මනා දැනුමක් සහිත ඒකක අණදෙන නිලධාරීන් විසින් මෙහෙයවන ලදී. එහිදී, මේජර් ජෙනරල් එම්.පී කරුණාරත්න අයිජී (විශ්‍රාමික) වත්මන් සිදුවීම් පිළිබඳ විශේෂ දේශනයක් පවත්වමින්, විභාග අපේක්‍ෂකයින්ගේ දැනුම යාවත් කාලීන කිරීමට කටයුතු කරන ලදී.