Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

01st March 2024 16:10:54 Hours

යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් පැවැත්වූ ‘මනෝවිද්‍යාත්මක වැඩමුළුව - 2024/1’ සාර්ථකව අවසන්

යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 2024/1, අධියර යටතේ මනෝවිද්‍යාත්මක වැඩමුළුවක් 2024 පෙබරවාරි මස 26 දින සිට මාර්තු 01 දින දක්වා බූවැලිකඩ, සංඥා පුහුණු පාසලේදී පවත්වන ලදී. ඒ සඳහා යුද්ධ හමුදාවේ විවිධ රෙජිමේන්තු නියෝජනය කරමින් නිලධාරීන් 37 දෙනෙකු සහභාගී වූහ.

මෙම වැඩමුළුවේදී, මනෝවිද්‍යාව අර්ථකතනය කිරීම, ඉලක්කගත ප්‍රේක්‍ෂක විශ්ලේෂණය, මනෝවිද්‍යා මෙහෙයුම් ඉලක්ක සංවර්ධනය, ප්‍රචාරක විශ්ලේෂණය සහ ප්‍රති - ප්‍රචාරණය, මනෝවිද්‍යාත්මක ක්‍රියාකාරකම් කෙරෙහි සංස්කෘතික උපායමාර්ගික බලපෑම, චිත්තවේගී තොරතුරු ඔස්සේ සමාජ මාධ්‍යයට වන බලපෑම සහ එහි හැසිරීම තුලින් මනෝවිද්‍යාත්මක මෙහෙයුම් කෙරෙහි ඇති වන බලපෑම ආදී කරුණු සාකච්ඡා කරන ලදී.

මෙම දේශනයන් එම ක්‍ෂේත්‍රය සම්බන්දව පුළුල් දැනුමක් ඇති යුද්ධ හමුදා නිලධාරීන් සහ බුද්ධිමතුන් විසින් සාර්ථකව පවත්වන ලදී.

බූවැලිකඩ සංඥා පුහුණු පාසලේදී පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින පැවති මෙම වැඩමුළුවේ සමාප්ති උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් මේජර් ජෙනරල් කේ.ඒ.එන් රසික කුමාර එන්ඩීසී පීඑස්සී සහභාගී විය.